නව පනතකින් ලාංකික ශ‍්‍රම බලකාය ආර්ථික කොටස්කරුවන් අතරට

Share Button

ආරම්භයේ සිට මේ දක්වා කම්කරු දෙපාර්තමේන්තුව විසින් සේවකයන්ගේ සේවා කොන්දේසි, සමාජ ආරක්ෂණය, වෘත්තීය ස්වස්ශථතා සහ ආරක්ෂාව සම්බන්ධයෙන් පනත් 61 ක් ක‍්‍රියාත්මක කර ඇති අතර ඉන් 27 ක් පමණ මේ වනන විට ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මකය. ඒවායේ ඇති යම් යම් විෂමතා හේතුවෙන් ඒවා ක‍්‍රියාත්මක කිරීමට ඇති වන අපහසුතා මග හරවා ගනිමින් සේවා නියුක්තිය පිිළිබඳ කරුණු ඇතුළත් තනි පනතක් සකස් කිරිමට යෝජනා වී තිබේ.

ඒ අනුව දැනට පවතින සේවක අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි මෙන්ම, දැනට ආර්ථික සංවර්ධනයට දායක නොවන ශ‍්‍රම බලකාය දායක කරගත හැකි පරිදි නම්‍යශීලී සේවා කොන්දේසි හඳුන්වා දීමට ද මින් අපේක්ෂිතය.
කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අනුව දැනටමත් පනවා ඇති කම්කරු නීති ඔස්සේ ආරක්ෂා වන කම්කරු අයිතිවාසිකම් අගතිවට පත් නොවන ලෙස කාර්යාල සේවක පනත, පඩිපාලක සභ ආඥාපනත, කාන්තාවන්, ළමුන්, තරුණයන් සේවයේ යෙදවීම පිළිබඳ පනත සහ ප‍්‍රසූතිකාධාර ආඥාපනත යන ව්‍යවස්ථා වෙනුවට නව පනතක් හඳුන්වා දීමට නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *