ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක වැඩ බාර ගනියි

Share Button

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය එස්.බී . දිසානායක මහතා අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේ සිය කාර්යාලයේ දී  තම ධූරයේ වැඩ බාරගෙන තිබේ.

මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂයේ ශක්තිය රටටම පෙන්වන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120කට වැඩි බහුතරය රජය සතු බවත් , පසුගිය වසර තුනේදී රටේ ආර්ථිකය බිඳ වැටීම, අනාරක්ෂිත බව හා රජයේ සම්පත් විකුණා දැමීමට එරෙහි වෙමින් නව රජය ගොඩ නැංවු බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය දුර්වල සංශෝධනයක් බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා නව පෙරමුණක් යටතේ රජය පෙරට ගෙනයන බවද  සඳහන් කළේය.

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-31 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,620
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 829
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 55
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 781
මරණ සංඛ්‍යාව - 10