ශ්‍රී ලාංකිකයන් 36 දෙනෙකුට ඕස්ටේලියාවෙන් ශිෂ්‍යත්ව

Share Button

ලබන වසරේ දී ඕස්ටේලියාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීම පිණිස ශ්‍රී ලාකිකයන් 36 දෙනෙකුට ඕස්ටේලියානු රජය ශිෂ්‍යත්ව ප්‍රධානය කරයි.

ආර්ථීක සංවර්ධනය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ පාලනය පිළිබඳ ක්ෂේත්‍රවල ඉගෙනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ. එම පිරිස පිළිගැනීමේ උත්සවයක් ශ්‍රී ලංකාවේ ඕස්ටේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08)  පැවැත්විණ. බොහෝ රටවලින් සිසුන් ඕස්ටේලියාවේ අධ්‍යාපනය ලැබීමට ඉදිරිපත් වී සිටිති. පසුගිය වසරේ දී ශ්‍රී ලංකාවෙන් 11,000 ක් පමණ ඒ සඳහා ඉදිරිපත් වී ඇත.

මීළඟ ශිෂ්‍යත්ව ප්‍රධානය සඳහා 2019 පෙබරවාරි පළමු වෙනිදා සිට අප්‍රේල් 30 දක්වා අයදුම්පත් බාර ගැනේ.

වැඩි විස්තර .  www.australiaawards.gov.au

www.australiaawardssrilanka.org

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *