මහ මැතිවරණය ජනවාරි 05 වැනිදා

Share Button

පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබෙ.් ඊට අදාල නිල ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය නිකුත් කර ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ 2 ඇ අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ 2 වන අනු ව්‍යවස්ථාව සමග කියවිය යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ 5 වන අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල සහ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තියේ විධිවිධාන අනුව ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල අනුව මෙම විසුරුවා හැරීම සිදු කර තිබේ.

ඒ අනුව මහ මැතිවරණය ලබන වසරේ ජනවාරි 05 වැනිදා පැවැත්වේ. අභිනව පාර්ලිමේන්තුව රැස්වන්නේ ජනවාරි 17 වැනිදායි නාමයෝජනා භාරගැනිම මේ මස 19 වැනිදා ඇරඹේ. මේ මස 26 වැනිදා දහවල් 12.00 ට නාමයෝජනා භාරගැනිම අවසන් කළ යුතුය .

මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරන්නේ නායකයන් ලෙස ජනතාවට ශ්‍රි ලංකාවේ අනාගතය පිළිබඳව හඩක් නැගි්මට අවස්ථාව ලබාදිය යුතු බවයි මහ මැතිවරණයක් මගින් ජනතාවගේ කැමැත්ත ප්‍රකාශ වනු ඇතැයි සදහන් කරන ඒ මහතා එමගින් ස්ථාවර රටක් නිර්මාණය වනු ඇති බවද පෙන්වා දෙයි.

ජනාධිපතිතුමා විසින් විසුරුවා හරිනු ලැබුවේ ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදි සමාජවාදි ජනරජයේ 08 වන පාර්ලිමේන්තුවයි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *