පාසල් දරුවන්ගේ විභාග කටයුතු වලට මැතිවරණයෙන් බාධා එල්ලවිමට කිසිසේත් ඉඩනොදෙන බවට අධ්‍යාපන ඇමතිවරයගෙන් ප්‍රතිඥා

Share Button

පාසල් දරුවන්ගේ විභාග කටයුතු වලට කිසිදු ආකාරයකින් බලපෑමක් ඇති නොවන පරිදි මහ මැතිවරණය පවත්වන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි ඒ පිලිබදව ඇමතිවරයා පැවසිය.

දේශපාලඥයන් රටේ ස්වභාවය නොතකා කටයුතු කරන්නේ නම්. ජනතාව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගත යුතුය. පාර්ලිමේන්තුවට හා විධායකයට එක්ව කටයුතු කිරිමට නොහැකි නම් පාලකයන්ට මෙවැනි තීරණ ගැනිමට බලතල පවතින බව ඇමතිවරයා පැවසිය.

ස්ථාවර රජයක් පිහිටුවිමට ජනතාවට ඇති පරමාධිපත්‍ය බලයට ඉඩදෙමින් මහමැතිවරණයක් පැවැත්විමට ජනාධිපතිතුමා තිරණය කල බව ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදි පැවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *