වසර 10 කට පසු කටාර් රාජ්‍යයට මහවැසි

Share Button

වසර 10 කට පසුව කටාර් රාජ්‍යයට වැසි ලැබෙයි. සෞදි අරාබිය. කුවේටය සහ කටාරය ඊයේ ප්‍රබල සුළි කුණාටුවකට මුහුණ දුන්නේය. ඒ සමගම අකුණු සැර හා වැසි හටගත් අතර කටාරයේ ජනතාවට වසර 10 කට පසුව වර්ෂාව දැකබලාගත හැකි විය. අර්ධ ද්වීපයක පිහිටි කටාර් රාජ්‍යය පුරා කාන්තාරය පැතිර පවතී. ගිම්හානයේදී එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 50 ඉක්මවන අවස්ථාද සුලභය. මාර්ග දෙපස ජලය බැස යාමේ කාණු පද්ධතියක් නොමැති කමින් වර්ෂාව ආරම්භ වී විනාඩි 5 ක් ඇතුලත මාර්ග සියල්ල ජලයෙන් යටවී තිබේ. මේ මස 8 වෙනිදා සිට මැද පෙරදිග කලාපය පුරා අධික වැසි හටගෙන ඇති අතර එමගින් ජන ජීවිතයට විවිධ බාධා එල්ල වෙමින් පවතී.

ලබන වසරේදී ඛණිජ තෙල් කැණීම අඩු කිරීම පිළිබඳව නිර්දේශ ලබා දීමට ඊයේ රැස්වූ ඔපෙක් සංවිධානයේ අමාත්‍ය නිරීක්ෂණ කමිටුව පියවර ගෙන නැතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පවත්නා වෙළඳපල තත්ත්වය නිරීක්ෂණය කර අවශ්‍ය නිවැරදි කිරීම් සිදු කිරීමට පමණක් එහිදී තීරණය කළ බව කසක්ස්ථානයේ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මග්ශුම් මිර්ශගලීයෙෆ් පවසයි. මීළග අමාත්‍ය නිරීක්ෂණ කමිටුව ලබන මස පස් වෙනිදා වියනාහිදී රැස්වීමට නියමිතයි.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් රැඩිකල් සංවිධානයේ සටන්කරුවන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයෝ 25 දෙනක් ජීවිතක්ෂයට පත්වෙති. තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත. රටේ මධ්‍යම ප්‍රදේශයේ ගාශ්නි පළාතේ ජගුරි ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇත. ආරක්ෂක අංශ සාමාජිකයෝ 15 දෙනෙක් සහ සිවිල් වැසියෝ 15 දෙනෙක් මිය ගිය අය අතර වෙති. සිදුවීම පිළිබඳව විමර්ශන සිදු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *