පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියළු පෙත්සම් නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

Share Button

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පිළිබඳව වැඩිදුර සලකා බැලීම දෙවන දිනටත් මේ වන විට ආරම්භ කර ඇත.

එහිදී කරුණු දැක්වූ නීතිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියළු පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (12) ඉදිරිපත් කෙරුණු අතර ඉන් 10 ක වාචික දේශන ද අවසන් කෙරිණි.

ඉතිරි පෙත්සම් 03 පිළිබඳ වාචික දේශන අද (13) සිදු කෙරේ.

එක්සත් ජාතික පක්ෂය , දෙමළ ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ ,ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ,විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් ගොනුකර තිබිණි.

අගවිනිසුරු නලින් පෙරේරා මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ එම පෙත්සම් සලකා බැලේ.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ සිටි අතර අදත් රජය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවශ්‍රේෂ්ඨාධිකරණයේ  පෙනී සිටියි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *