රෝහින්ග්‍යා සරණාගතයන් යළි මියන්මාරයට යැවීම අත්හිටුවන්නැයි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගෙන් ඉල්ලීමක්

Share Button

රෝහින්ග්‍යා සරණාගතයන් දෙදහස් දෙසිය දෙනෙකු යළි මියන්මාරයට යැවීමේ සැලැස්ම අත්හිටුවන ලෙසට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට් බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටී. එය ඔවුන්ගේ ජීවිතය යළිත් අනතුරේ හෙලීමක් වනු ඇති බව කොමසාරිස්වරිය ඊයේ නිකුත් කළ නිවේදනයෙහි දැක්වෙයි.

බංග්ලාදේශයට පලා ආ රෝහින්ග්‍යා සරණාගතයන් යළි මියන්මාරයට යැවීම සම්බන්ධයෙන් බංග්ලාදේශය හා මියන්මාරය පසුගිය දෙසැම්බර් මාසයේදී එකගතාවකට පැමිණියේය. අනිද්දා සිට එය ක්‍රියාවට නැංවීමට සැළසුම් කර තිබිණි. මෙම සරණාගතයන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතික වීමට මියන්මාරය අමත් වී ඇති බවත් තව දුරටත් මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝණය වෙමින් පවතින බවත් එරට මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත යැන්ගි ලී විසින් ද මීට පෙර සඳහන් කර තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *