පාර්ලිමේන්තුව අද සවස 1.30 ට රැස් වේ.

Share Button

අද පස්වරු 1.30 ට පාර්ලිමේන්තුව රැස් වේ. අද පෙරවරුවේ පක්ෂ නායක රැස්විමක්ද පැවැත්විණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා රැස්විමක පැවැත්වුනත් කතානායකතුමා පක්ෂග්‍රාහිව කටයුතු කිරිම නිසා සියලු සාකච්ඡා බිදවැටුණු බව කිවේය .ඒ නිසා තමන් එම රැස්විමෙන් ඉවත්ව ගිය බව හෙතෙම ජාතික ගුවන්විදුලියට පැවසිය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්විමක් ද අද පෙරවරුවේ පැවැත්විණි. එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්විමක් දැන් පැවැත්වෙ.්
පක්ෂග්‍රාහි නොවි ව්‍යවස්ථානුකුලව සහ නිතිරිති අනුව කටයුතු කර්නනැයි පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාකදි ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.. විපක්ෂයේ පක්ෂ නායකයින් ඊයේ පස්වරුවේ තමා හමු වු අවස්ථාවේදීද ජනාධිපතිතුමා අවධාරණය කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව එහි කටයුතු පවත්වාගෙන යන ලෙස යි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *