සියලුම පුස්තකාලවලට පුස්තකාලාධිපතිවරුන් පත් කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක්

Share Button

සියලුම පුස්තකාලවලට පුස්තකාලාධිපතිවරුන් පත් කිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට කටයුතු කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති 2018-2019 කලණ මිතුරු පොත් සුමිතුරු කියවීම් ප්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

පුස්තකාල විධිමත් කරමින් ඒවායේ මානව සම්පත් තවදුරටත් වර්ධනය කිරීම රජයේ අපේක්ෂාව බව හෙතෙම එහිදී පැවසීය. දරුවන් තුල කියවීමේ රුචිය වර්ධනය කරලීමේ දැඩි අවශ්‍යතාව පෙන්වා දුන් ඇමතිවරයා කියවීමේ වටිනාකම ද අධ්‍යාපන අමාත්‍යංශය හොඳින් අවබෝධ කර ගෙන ඇති බව ප්‍රකාශ කළේය. දිවයිනේ පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සදහා මෙම තිරසර කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *