ඉහළ පිළිගැනීමක් තිබු ව්‍යවස්ථාදායකය මේ වනවිට අපකීර්තියට පත්ව ඇති බවට ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්
පාර්ලිමේන්තු සම්ප්රදාය කඩ කිරීමේ කාර්යය කථානායකවරයා සිදු කරමින් සිටින බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙලෙස පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ නම් ව්‍යවස්ථාදායකය තුල ගැටඵ මතු වන බව ඔහු කීය. මේ අනුව කටයුතු කරන්නේ නම් පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වීම පිළිබදව යලි සිතා බැලිය යුතුව ඇතැයි බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරුවේ ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් පැවැත්වෙන බවද ඇමතිවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් කථානායකවරයා විපක්ෂයේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කිරීම පිළිගත නොහැකි බව පැවසීය. පාර්ලිමේන්තුව යලි යථා තත්ත්වයට පත් කිරීම රජයේ අපේක්ෂාව බවද මන්ත්‍රීවරයා කීවේය.