රුපියල් ලක්ෂ අටේ පුටු ගැනීම වැරදියි – බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයා

Share Button

රුපියල් ලක්ෂ අටේ පුටු මිලදී ගැනීමට අනුගමනය කළ ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග සම්පුර්ණයෙන් වැරදි බව බස්නාහිර පලාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා ප්‍රකාශ කරයි. එසේ පුටු ලබා ගැනීම තමා සම්පුර්ණයෙන්ම නතර කළ බවද ඔහු පවසයි.

එම මිලෙන් සියයට 50 කට වඩා අඩු ශ්‍රි ලංකාවේ නිෂ්පාදිත පටු ලබා ගැනීමට යෝජනා කර තිබේ. එම පුටු මිලදී ගැනීම නතර කළ බැවින් ඒ සදහා කිසිදු ආයතනයකට වන්දි ගෙවීමට අවශ්‍ය නොමැති බවද ආණ්ඩුකාරවරයා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඒ මහතා පැවසුවේ බස්නාහිර ආණ්ඩුකාර නිල නිවසට රුපියල් කෝටි 80 ක් වැය වන බවට පළ වු මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවයි. එම නිල නිවසේ සමස්ත වියදම රුපියල් මිලියන 81 ක් හෙවත් කෝටි 8 කි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11