රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ ප්‍රශස්තම ටෙලි නිර්මාණය බැද්දේ කුලවමිය-හොදම නඵවා මහේන්ද්‍ර පෙරේරා-හොදම නිලිය නදී කම්මැල්ලවීර.

Share Button

2018 රූපවාහිනි රාජ්‍ය සම්මාන උලෙල කොළඹ නෙඵම්පොකුණ රගහලේ දී ඊයේ රාත්‍රි පැවැත්විණ. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එය සංවිධාන කළේය. එහිදී ප්‍රශ්ස්තම ටෙලි නාට්‍ය වුයේ බැද්දේකුලවමිය ටෙලි නාට්‍යයයි. හොඳූම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය වෙනුවෙන් සී-රජ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළ ජැක්සන් ඇන්තනී සම්මාන ලැබීය. හොඳූම නඵවා බැද්දේකුලවමිය නාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරායි. හොඳම නිලිය සම්මානය එම නාට්‍යයයේ රගපෑ නදී කම්මැල්ලවීරට හිමි විය. ජීවිතයේ එක් වරක් හිමි වන යාවජීව සම්මානය තාක්ෂණික ඉංජිනේරු ශිල්පී තුසිත මුනින්දදාස මහතාට හිමි විය. උලෙලට විශේෂ පණිවිඩයක් නිකුත් කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පැවසුවේ ලාභ ඉපැයීමේ අරමුණ හේතුවෙන් පොදු රසඥතාව සහ පරිකල්පනය රූපවාහිනිී මාධ්‍යයෙන් ඈත් වී ඇති බවයි. ප්‍රේක්ෂක දැනුම සහ රසවින්දන වෙනුවෙන් රූපවාහිනි මාධ්‍ය කලාවේ වැඩි ඉඩක් වෙන් විය යුතු බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *