අගමැතිවරයාගෙන් බහුතරය විමසීමට කථානායකවරයාට අයිතියක් නැහැ – ඇමති එස්. බී. දිසානායක

Share Button

පාර්ලිමේන්තුවේ පසුගිය සභාවාර සියල්ල නිත්‍යානුකුල ඒවා නොවන බව ඇමති එස්. බී. දිසානායක මහතා කියයි. පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව තේරීම් කමිටු හෝ කාරක සභා පත්කිරීමට කථානායකවරයා ක්‍රියාකර නැත. අගමැතිවරයාගෙන් බහුතරය පිළිබඳව විමසීමට අයිතියක් කථානායකවරයාට නැතැයි ඇමතිවරයා පැවසුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි .

පාර්ලිමේන්තු මන්ත්‍රි තිලංග සුමතිපාල මාධ්‍ය හමුවට එක්වෙමින් කථානායක කරු ජයසුරිය මහතා වත්මන් රජය පිළිනොගැනිම සියඵ අර්බුදවලට මග හෙලි කළ බව පැවසීය.

වත්මන් රජයට මුදල් වැය කිරීමේ බලයක් නැතැයි ඇතැමුන් ගෙනයන ප්‍රචාර පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා තරයේ ප්‍රතික්ෂේප කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *