වත්මන් රජය නීත්‍යානුකුල නොවන බව ජනගත කිරීමට විපක්‍ෂය අසාර්ථක උත්සාහයක් – ඇමති අනුර ප්‍රියදර්ශන යාපා

Share Button

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව අමාත්‍යංශවල ලේකම්වරුන් පත්කරන්නේ ජනාධිපතිතුමා බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි. වත්මන් රජය නීත්‍යානුකුල නොවන බව ජනගත කිරිමට විපක්‍ෂය දරණ වෑයම කිසිසේත් සාර්ථක නොවේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එම කරුණු සදහන් කළේය.

පසුගිය වසර තුනහාමාර තුළ රටේ ආර්ථිකය බරපතල පසුබෑමකට ලක්විය. පසුගිය රජය නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් කෘෂිකර්මාන්තය ඇතුඵ දේශීය කර්මාන්ත විනාශ කළේය. දේශිය නිෂ්පාදකයන් දිරිගැන්වීමට හා නිෂ්පාදන ඉහළ නැංවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ක්‍රියාකරනු ඇතැයි පැවසු ඇමතිවරයා ඒ සදහා කඩිනමින් බදු සහන ලබාදෙන බව සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *