විදේශීය බලවේග රටට හානිදායක තීරණ ගන්නා යුගයක ශ්‍රීි ලාංකික සමාජය එක්සත් විය යුතු බව පුජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ පවසති.

Share Button

රට ආරක්ෂා කිරීම සදහා බුද්ධිමත්ව තීරණ ගත යුතු යුගයක් එළැඹ ඇතැයි පුජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ පවසති. විදේශීය බලවේග රටට හානිදායක තීන්දු තීරණ ගන්නා යුගයක ශ්‍රීි ලාංකික සමාජය පක්ෂ භේදයෙන් තොරව එක් විය යුතු බව උන්වහන්සේ පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනට අද පෙරවරුවේ එක් වෙමිනි.
විදේශීය බලවේග මේ අවස්ථාවේ රටට අහිතකර බලවේග සමග එක්වී ඇතැයි වැඩසටහනට එක්වු ආචාර්ය චමිල ලියනගේ මහතා පැවසීය. එම බලවේග පරාජය කිරීමට ජනතාව කැපවී ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වෙයි.
කැප්පෙටිපොල සමරු කමිටුවේ අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව ඉහලින් අදහස් දක්වන බටහිර ඇතැම් කණ්ඩායම් ශ්‍රිී ලංකාව බෙදා වෙන් කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11