නව කැබිනට් මණ්ඩලය සිංහල අවුරුද්දට පෙර

Share Button

නව කැබිනට් මණ්ඩලය ඉදිරි දින දෙක තුළදී එනම් 14 වැනි දා ට පෙර දිවුරුම් දෙන බව සම කැබිනට් ප‍්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහිදී කැබිනට් මණ්ඩල සංශෝධනයක් නොව නව කැබිනට් මණ්ඩලයක් ලෙස සියලූ දෙනා දිවුරුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලූ ඇමැතිවරුන්ගේ තනතුරු මෙහිදී වෙනස් නොවුණත් පැවරී ඇති විෂයන් ගැළපෙන ආකාරයෙන් විද්‍යාත්මක බෙදීමක් සිදුවනු ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි අමාත්‍යවරයා සඳහන් කළේය.

තාවද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්, එම පක්‍ෂය ගන්නා තීන්දුව අනුව ඇමැති ධූර ලබාදෙන බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

විශ්වාසභංගයේ දී අගමැතිවරයාට විරුද්ධව ඡන්දය භාවිතා කළ අය ආණ්ඩුවේ නොසිටිය යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ අදහස වී ඇතැයි කී රාජිත සේනාරත්න මහතා එම 16 දෙනා අතර සිටින කැබිනට් ඇමැතිවරුන් 6 දෙනා ඉවත් වුවහොත් ඔවුන්ගේ විෂයන් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප නියෝජිතයන්ට ලබාදීමට සිදුවනු ඇතැයි ද කීවේය.

කෙසේ වෙතත් ජාතික ආණ්ඩුව අඛණ්ඩව ඉදිරියට යන බැවින් ඇමැතිවරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුනොවන බව ද අමාත්‍යවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11