විදෙස් මුදල් සංචිත ඉහළ නැංවිමට ආයෝජන ප්‍රවර්ධන නව පැකේජයක්

Share Button

විදෙස් මුදල් සංචිත ඉහළ නැංවිමේ අරමුණින් ආයෝජන ප්‍රවර්ධන විමුක්ති පැකේජ හදුන්වාදෙන බව විෂය භාර ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. එමගින් ඉදිරි වසර දෙකේදි කෝටි 800 ත් 1000 ත් අතර විදේශ සංචිත ලැබෙනු ඇතැයි ගුණවර්ධන මහතා විශ්වාසය පළ කරයි. අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා පවසන්නේ එමගින් පලමු වසරේදි ඩොලරයේ අගය රුපියල් 160 දක්වා පහත දැමිය හැකි බවයි. දෙවන වසරේදි එය රුපියල් 140 දක්වා අඩු කරගත හැකිවනු ඇත. රටේ මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරිමට සෘජු විදෙස් ආයෝජන පමණක් අපේක්ෂා කළ නොහැකිය . දේශිය නිෂ්පාදකයා හා අපනයනකරුවා ශක්තිමත් විම කෙරෙහි රජයේ ප්‍රමුඛ අවධානය යොමුව තිබෙ.් ඒ වෙනුවෙන් අපනයන සංවර්ධන ගම්මාන පන්දහසක් රටපුරා ස්ථ.ාපිත කරන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කියයි . ඇගලුම් අපනයනය . ඉහළ දැමිම සදහා කටුනායක මීගොඩ සහ මහරගම ප්‍රදේශවල නව මධ්‍යස්ථාන 03 ක් පිහිටුවිමට නියමිතයි .ඉකුත් රජය සමයේ පැන වු අධික බදු හේතුවෙන් වැසි යාමේ තර්ජනයට ලක් වු සියලු කර්මාන්ත යලි නැංවිමට කටයුතු යොදා ඇතැයි ඇමතිවරයා සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11