සුනිල් සාන්තයන්ගේ 103 වන ඡන්ම සමරු ප්‍රසංගය හෙට

Share Button

මෙරට විසු ශ්‍රේෂ්ඨ සංගීතඥයෙකුවු සුනිල් සාන්තයන්ගේ 103 වන ඡන්ම සමරුව නිමිත්තෙන් සංවිධාන කෙරෙන මයි ඩ්‍රිම්ස් ප්‍රසංගය හෙට පස්වරු 6.00 ට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඊ ඕ ජී ශාලාවේදී පැවැත්වේ. සුනිල් සාන්තයන්ගේ පුත් ලංකා සාන්ත ප්‍රමුඛ සුනිල් සාන්ත සමාජය මෙය සංවිධාන කරයි.

සුනිල් සාන්තයන් විසින් මීට වසර 60 කට 70 කට පෙර ගැයු ගීත මෙහිදී ගායනා කෙරේ. ටී. එම්. ජයරත්න. නාලනී රණසිංහ ආදි ගායක-ගායිකාවෝ ගායනා ඉදිරිපත් කරති. සුරේෂ් මාලියද්ද සංගීතය මෙහෙයවයි. සුනිල් සාන්තයන් එදා තම ගීත මගින් ජනතාවට ලබාදුන් මිහිර වත්මන් විශ්ව විද්‍යාල ප්‍රජාවට ලබාදීම මෙහි අරමුණ බව සම්බන්ධිකාරක පුෂ්කර වන්නිආරච්චි මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *