තරග ජයග්‍රහනය කළහැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරිම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව විචාරකයෝ පෙන්වා දෙති

Share Button

තරග ජයග්‍රහනය කළ හැකි ක්‍රිඩකයන් කණ්ඩායමකට ඇතුලත් කිරීම ක්‍රිකට් තේරීම් කමිටුව හමුවේ ඇති ඉදිරි වගකීමක් බව ක්‍රිඩා විචාරකයෝ පවසති. ඇතැම් දුර්වල ක්‍රිඩකයන් දිගින් දිගටම කන්ඩායමට එක් කිරිම මගින් නැගී එන තරුණ දක්ෂ ක්‍රිඩකයන්ට අවස්ථාව අහිමි වන බව ඔවුහු පෙන්වා දෙති. තරග මාලා රැසකදීම අසාර්ථකවු කුසල් මෙන්ඩිස් එංගලන්තයත් සමග අවසන් තරගයේ අවසන් ඉනිමේදි ලකුණු 86 ක් රැස්කළ අතර මේ නිසා ඔහුට ඉදිරි නවසීලන්ත තරගාවලියට ද අවස්ථාව ලැබිමේ වැඩි ඉඩක් පවතී. ඔහු ලකුණු අතරට පැමිණෙන තෙක්ම කණ්ඩායමේ ස්ථානයක් හිමිවු අතර ඔහුගේ දුර්වල ස්ථානය සොයා බලා පිළියම් යෙදිමට නොහැකි වීම පුහුණුකරුගේ දුර්වලතාවයක් බව එම විචාරකයෝ සඳහන් කරති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11