රට පත්වී ඇති තත්වයට මුලිකවම වගකිව යුත්තේ කථානායකවරයා බව මහාචාර්ය තිස්ස විතාරණ මහතාගෙන් චෝදනා

Share Button

රට පත්වී ඇති තත්වයට මුලිකවම වගකිව යුත්තේ කථානායක කරු ජයසුරිය මහතා බව ලංකා සමසමාජ පක්‍ෂයේ සභාපති හා ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි. පක්‍ෂ මුලස්ථානයේ අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

සුඵතර ආණ්ඩු පැවැති අවස්ථා ගණනාවක් මෙරට පැවැති බවත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්වන විටද පාර්ලිමේන්තුවේ පැවතියේ සුඵතරයක් බවත් ඔහු පැවසීය.

රටේ සම්පත් විකුණමින් නව ලිබරල්වාදී ආර්ථිකයක් පවත්වාගෙන යාමට රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බව එහිදී අදහස් දැක්වු පුජ්‍ය බද්දේගම සමිත ස්වාමින් වහන්සේ පැවසුහ. ජනහිතකාමී අගමැතිවරයෙක් පත්කිරීමට ජනාධිපතිවරයා ගත් පියවරට එතුමාට සිය කෘතවේදීත්වය පලකරන බව උන්වහන්සේ සදහන් කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10