පාර්ලිමේන්තු රැස්වීම නීතිවිරෝධි සහ ව්‍යවස්ථාවට පටහැනි නිසා ආණ්ඩු පක්‍ෂය ඊට සහභාගී නොවු බව සභානායකවරයා කියයි

Share Button

පාර්ලිමේන්තුව අද දින රැස්වීම නීති විරෝධි හා ව්‍යවස්ථාවට පටහැනි නිසා ඊට සහභාගි නොවු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. අධිකරණයේ විනිශ්චයට භාජනය වන කරුණක් පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ නොහැකිය.

එය සැම කථානායකවරයෙකුම ආරක්ෂා කළ සම්ප්‍රදායකි. වර්තමානයේදී එය උල්ලංගනය කර තිබේ. මුදල් පනතක් හෝ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත ඇමතිවරයෙකුට පමණි. එහෙත්. අද එය උල්ලංගනය කර ඇත. එය ස්ථාවර නියෝගවලට ද පටහැනය. අද පැවති පක්ෂ නායක රැස්වීම ද නිතයානුකුල නොවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තේරීම් කාරක සභාව පත්කිරීමේදී ආණ්ඩුවට බහුතරය ලබා නොදීමට කථානායකවරයා ක්‍රියාකළ බව පැවසීය. තේරීම් කාරක සභාව පත්කිරීමෙන් පසු පත්කළ යුතු පක්ෂ නායක කමිටුව ද පත්කර නැත.

අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අදහස් දක්වමින් පැවසුවේ දේශපාලන න්‍යාය පත්‍රයක් පදනම් කර ගනිමින් පෙර පැවති ආණ්ඩුව නැවත ගෙනඒමට කථානායකවරයා කටයුතු කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10