අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීම අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට සහ සම්ප්‍රදායන්ට පටහැනියි – ඇමති දයාසිරි ජයසේකර

Share Button

බහුතර කණ්ඩායමකගේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්කිරීමට ව්‍යවස්ථාවේ ඇති විධිවිධාන පරිදි ජනාධිපතිතුමා මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ පුරප්පාඩුවක් නොපවතින බව පවසන ඇමතිවරයා අද දිනයේ පාර්ලිමේන්තු රැස්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායන්ට පටහැනිවුවක් බවද සදහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව මුදල් පණතක් ඉදිරිපත් කළහැක්කේ කැබිනට් අමාත්‍යවරුන්ට පමණි. අද දින අග්‍රාමාත්‍යවරයාගේ වැය ශීර්ෂ කපා දැමීම සදහා යෝජනාවක් සම්මත වු බවට විපක්‍ෂය කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැත. රාජ්‍ය නිලධාරීන් බියවැද්දීම සදහා විපක්‍ෂය එවැනි ක්‍රියාවල නිරත වෙයි.

මාධ්‍ය සංදර්ශනවලින් ජනතාව අපහසුතාවට පත්කිරීමේ උත්සාහයක විපක්‍ෂය නිරතව සිටින බවද අමාත්‍යවරයා චෝදනා කරයි. විපක්‍ෂයේ මන්ත්‍රිවරුන්ට මුදල් පණත් ඉදිරිපත් කිරීමට හෝ වැය ශීර්ෂ කපා දැමීමට යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැත ඒ අනුව අද දිනයේ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී ගත්තේ මීට පෙර අවස්ථාවලදී මෙන් ජාත්‍යන්තරයේ අවධානය දිනා ගැනීම සදහා උත්සාහයක් බව දයාසිරි ජයසේකර ඇමතිවරයා කියයි. මෙවැනි ක්‍රියාකාරකම්වලින් රජයේ හෝ මහජනතාව අපහසුතාවට පත්කිරීමට නොහැකි බව පවසන අමාත්‍යවරයා රජය නිත්‍යානුකුලව මහජන සුබසිද්ධියට අදාළවන කටයුතුවල නිරතව සිටින බවද සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *