ඛණිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට සාකච්ඡා

Share Button

ඛණිජ තෙල් අලෙවි කිරීමේදී පවතින මිල විෂමතා ඉවත් කිරීමට අදාළ අංශ සමග සාකච්ඡා කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමති ගාමිණි ලොකුගේ මහතාට උපදෙස් දෙයි. ඉන්දියානු තෙල් සමාගමට අයත් ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් සමග අගමැති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී අගමැතිවරයා එම උපදෙස් දුන්නේය.

ලංකා ඛණීජතෙල් නීතිගත සංස්ථාවේ පිරවුම්හල්වල විකුණුම් මිල හා ඉන්දීය තෙල් සමාගම පිරවුම්හල්වල විකුණුම් මිල සමාන මට්ටමකට ගෙනඑන්නැයි බෙදුම්කරුවන්ගේ සංගමයේ නියෝජිතයෝ එහිදී ඉල්ලා සිටියහ. සංස්ථා පිරවුම්හල්වල අලෙවි මිලට වඩා ඉන්දීය තෙල් සමාගමේ පිරවුම්හල්වල අලෙවි මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා තමන්ට විශාල පාඩුවක් සිදුවන බව ඔව්හු පෙන්වා දුන්නහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *