එක්සත් ජාතික පෙරමුණ අද ජනාධිපතිතුමා මුණගැසෙයි

Share Button

එක්සත් ජාතික පෙරමුණ සාකච්ඡාවක් සදහා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කියයි. පාර්ලිමේන්තුවේ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබදව එහිදී සාකච්ඡා කිරිමට නියමිතයි

*************

පාර්ලිමේන්තුව කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස් විය. කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ස්ථාවර නියෝගවලට හා සම්ප්‍රදායන්ට පටහැනිව ක්‍රියා කරන බව පවසමින් ආණ්ඩු පක්ෂය අද දිනයේ ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි නොවීය. ඇමතිවරුන් . රාජ්‍ය ඇමතිවරුන් . නියෝජ්‍ය ඇමතිවරුන් හා ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල සදහා වැටුප් හා සෙසු දීමනා ගෙවීම අනුමත කිරීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට බලයක් නොමැති බව සදහන් යෝජනාවක් රාජිත සේනාරත්න . රවී කරුණානායක .අර්ජුන රණතුංග . මනෝ ගනේෂන් හා ජයම්පතී වික්‍රමරත්න යන මන්ත්‍රීවරුන්ගේ යෝජනාවක් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී ඉදිරිපත් කළේය.
කථානායක කරූ ජයසුරිය මහතා එහිදී පැවසුවේ තමා නීත්‍යනුකුල අන්දමින් කටයුතු කරන බවයි. දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිතුමාට යැවු ලිපිය එක්සත් ජාතික පෙරමුණට රජයක් පිහිටුවීම සදහා සහාය දක්වමින් යැවු ලිපියක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා එහිදී පැවසීය

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *