මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු ජනපති සහභාගිත්වයෙන් විවෘත කෙරේ.

Share Button

වත්මන් රජයේ යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කඵඟග සංවර්ධන ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරිණි. ජනාධිපතිතුමාගේ මුලිකත්වයෙන් ආරම්භ කෙරුනු මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියෙන් වියලි කලාපයේ ගොවි ජනතාවට කන්න දෙකේම වගා කටයුතු සදහා ජලය සැපයීම විශේෂත්වයකි. පොළොන්නරුව ගිරිතලේ . මින්නේරිය . කවුඩුල්ල . කන්තලේ මැදිරිගිරිය මෙන්ම පරාක්‍රම සමුද්‍රයට ද එමගින් ජලය සැපයේ. අක්කර ලක්ෂයක පමණ ගොවි බිම් ප්‍රමාණයකට එමගින් ජලය සැපයීමට හැකි වෙයි. මොරගහකන්ද ජලාශය අක්කර අඩි හාරලක්ෂ හැට දහසක සමස්ත ධාරිතාවකින් සමන්විතයි. විදුලි බලාගාර 4 ක් මොරගහකන්ද ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක වෙයි. එහි ඉදිකර ඇති විදුලි බලාගාර මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25 ක් එක් කෙරේ. වාන් දොරටු විවෘත කොට ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනු ජනාධිපතිතුමා මෙම මොරගහකන්ද කඵඟග සංවර්ධන ව්‍යාපෘතිය මෙරට ආර්ථිකය තුල විශාල පෙරළියක් සිදු කරනු ඇතැයි පැවසීය. එය කෘෂිකර්මය නගාසිටුවීමට ඉවහල් වන යුගයේ විශාලතම වාරි සංවර්ධන ව්‍යාපෘතියයි. කඵඟග සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම් ද ලබන ජුලි මාසය වනවිට අවසන් කිරීමට යෝජනා කර තිබෙ.් ව්‍යාපෘති දෙක සදහා රුපියල් කෝටි විසිතුන් දහසක් වැය වෙයි. මෙම ව්‍යාපෘතිය රටේ අනාගතය වෙනුවෙන් ගොඩනැගුනු වැඩපිළිවෙලක් බවද එතුමා පෙන්වා දුන්නේය. එය මෙරට ආර්ථිකයේ හෙට දිනයේ සුබවාදී අවස්ථාවක් වනු ඇතැයි ද ජනාධිපතිතුමා කීවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *