ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවරට පැරණි මෝටර් රථ ඇතුඵ වීම තහනම් කෙරේ

Share Button

වායු දුෂණය අඩු කිරීමේ අරමුණින් ස්පාඤ්ඤ්යේ මැඩ්රිඩ් අගනුවර පැරණි මෝටර් රථ ධාවනය තහනම් කිරීමට තීරණය කෙරේ. මේ යටතේ වායු දුෂණය සියයට 40 කින් අඩු කිරීම අපෙක්ෂාවයි. නගරයට ඇතුඵ වීමට පෙර මෝටර් රථ විශේෂ පරිීක්ෂාවකට ද ලක් කෙරේ. අදාල නීති මාලා කඩ කරන රියදුරන්ට ඩොලර් 80 ක දඩයක් ගෙවීමට සිදු වෙයි. නගරය තුල පාපැදි ධාවනය වැඩි කිරීමේ අටියෙන් වාහන සදහා නව නීති මාලා හදුන්වා දී ඇත. මැඩ්රිඩ් නගර කවුන්සිලය එය ක්‍රියාත්මක කරයි. ඊයේ ක්‍රියාත්මක වු මෙම නව නීතිය හේතුවෙන් නගරයට ඇතුඵ වීමට උත්සාහ කළ පැරණි මෝටර් රථ සියයට 20 ක් පමණ අඩු කිරීමට හැකිවී තිබේ. දෙමුහුන් වර්ගයේ මෝටර් රථ පරිසරකාමි ලෙස සදහන් නම් ඒවාට ඇතුඵ විය හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *