අපොස සාමාන්‍ය පෙළ විභාගය සදුදා ඇරඹේ

Share Button

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන සදුදා ඇරඹේ. දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 4561 කදී අපේක්ෂකයෝ 06 ලක්ෂ 56 දහස් 641 දෙනෙක් විභාගයට පෙනි සිටිති. රත්මලාන අන්ධ විද්‍යාලයේදී සහ තංගල්ල . මාතර. හලාවත හා කොළඹ මැගසින් බන්ධනාගාරවලදී ද විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හා මහරගම අපේක්ෂා රෝහලේ ද විභාග මධ්‍යස්ථාන දෙකකි.

විභාගය සදහා මේ වනවිට සියලු කටයුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත මහතා කියයි. මෙවරද සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයෙක් පත් කෙරේ. විභාගයේදී සිදුවන අක්‍රමිකතා වැළැක්වීම එහි අරමුණයි.

විභාගය පෙරවරු 8.30 ට ඇරඹේ. පෙරවරු 8.00 වනවිට විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්නැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. විභාග ප්‍රවේශ පත්‍රයේ කාලසටහන සදහන්ව ඇති බැවින් කාලසටහන මනාව නිරීක්ෂණය කර විභාගයට සහභාගි වන්නැයි ද ඔහු ඉල්ලා සිටි. විභාග ප්‍රවේශ පත්‍රය හා ජාතික හැදුනුම්පත පැන්සල් පෑන් හැර වෙනත් කිසිදු උපකරණයක් විභාග මධ්‍යස්ථානයට රැගෙනයාමට අවසර නැත. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන්නේ ලබන 12 වැනිදාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-29 | 06:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,530
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 775
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 745
මරණ සංඛ්‍යාව - 10