රුපියල අවප්රමාණයවීම වැළැක්වීමට අදාල යෝජනාවක් පාර්ලිමේන්තුවට
ඩොලරයට එරෙහිව රුපියලේ අගය අවප්රමාණයවීම වැළැක්වීමට අදාල යෝජනා ඇතුලත් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඇමති බන්දුල ගුණවර්ධන මහතා කියයි. අගමැති කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළේය.
වත්මන් රජය ගෙවිගිය මාසය තුළ තුන්වතාවක් ඉන්ධන මිල පහත දැමු බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ ඊයේ දුන් සමෘද්ධි පත්වීම් සියල්ල නිතයානුකුල බවයි.