වත්මන් රජය කිසිදු ගැටඵවකින් තොරව ඉදිරියට ගමන් කරනවා – ඇමති එස්. බී. දිසානායක

Share Button

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුසංයෝගයෙන් යුත් රජය කිසිදු ගැටඵවකින් තොරව ඉදිරියට ගමන් කරන බව ඇමති එස්. බී. දිසානායක මහතා පවසයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ දැනට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවන නඩුවේ තීන්දුව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අධිකරණයේ අවසරය ලැබුනහොත් සියලු පක්ෂ එක් කර ගනිමින් මැතිවරණය ජයගෙන බහුතර ආණ්ඩුවක් පිහිටුවන බව ඇමතිවරයා කියයි.

මැතිවරණයක් පැවැත්වීමට අධිකරණ අවසරය නොලැබුනහොත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් බහුතර මන්ත්‍රි සංඛ්‍යාවකගෙන් සැදුම්ලත් වත්මන් පාර්ලිමේන්තුව 2020 දක්වා රැගෙන යන බවත් ඉන් අනතුරුව මැතිවරණයට ඉදිරිපත්ව එය ජය ගන්නා බවත් එස්. බී. දිසානායක ඇමතිවරයා පැවසුවේ තමා පිළිගැනීම සදහා ගිනිගත්හේන ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ සංවිධාන කර තිබු උත්සවයකට අද පෙරවරුවේ එක්වෙමිනි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-May-25 | 19:05

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,182
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 477
නව රෝගීන් සංඛ්‍යාව - 41
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 79
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 695
මරණ සංඛ්‍යාව - 10