කැළණිය විශ්ව විද්‍යාලීය 2018 ප්‍රසාංගික මාධ්‍ය හා සාහිත්‍ය කලා තරගාවලියේ නිර්මාණ ප්‍රදර්ශනය හා සම්මාන රාත්‍රිය

Share Button

කැළණිය විශ්ව විද්‍යාලීය කලා මණ්ඩලය සංවිධාන කරන කලන 2018 ප්‍රසාංගික මාධ්‍ය හා සාහිත්‍ය කලා තරගාවලියේ නිර්මාණ ප්‍රදර්ශනය හා සම්මාන රාත්‍රිය මෙවර ද අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට එම විශ්ව විද්‍යාලය විධිවිධාන යොදා තිබේ. විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී. එම්. සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සම්මාන රාත්‍රියේදී විවිධ සම්මාන 40 ක් පමණ පිරිනැමිමට නියමිතයි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු. මහාචාර්ය සෝමරත්න බාලසුරිය. ප්‍රවින රංගනවේදිනි අයිරාංගනී සේරසිංහ හා ප්‍රවින නර්තනවේදිනි වජිරා චිත්‍රසේන යන මහත්ම මහත්මිහු එහිදී විශේෂ ගෞරව ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලබති.
කැළිණිය විශ්ව විද්‍යාලයේ සියලු පීඨ නියෝජනය කරන විද්‍යාර්ථින්ගේ කලා කුසලතා ඔප්නැංවීමේ අරමුණින් උළෙල පැවැත්වෙයි. ඊට සමගාමිව ජායාරූප හා චිත්‍ර ප්‍රදර්ශනයක් අද පැවැත්වේ. ලබන අගහරුවාදා කෙටි නාට්‍ය උළෙලක් ද සංවිධාන කර තිබේ. ලබන බදාදා කුසලතා දැක්වු විද්‍යාර්ථින්ගේ සංගීත ප්‍රසංගයකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *