රාජ්‍යක් ස්ථාවර කිරිමේ එකම ක්‍රියාමාර්ගය මහ මැතිවරණය බව අග්‍රාමාත්‍යවරයා අවධාරනය කරයි

Share Button

අස්ථාවර වි ඇති ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් ස්ථාවර කිරිමේ එකම ක්‍රියාමාර්ගය මහ මැතිවරණය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරනය කරයි. ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවට නොව ජනතාවටයි. එය ක්‍රියාත්මක වන්නේ සර්ව ජන ඡන්දබලය තුලිනි. අගමැති කාර්යාලයේ සිට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ලොව කිසිදු රාජ්‍ය නායකයෙකු රටට බලපාන සුවිශේෂි හේතුවකින් තොරව පාර්ලිමේන්තුවක් විසුරුවා නොහරින බවයි. ප්‍රංශය. වැනි ප්‍රජාතන්ත්‍රවාදි රටවල ආදර්ශය ශ්‍රි ලංකාව ලබාගත යුතු බව රාජපක්ෂ මහතා සදහන් කරයි. තවදුරටත් කරුණු දක්වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා

කැදවු මහ මැතිවරණයක් නොපවත්වන්නැයි ඉල්ලන දේශපාලන පක්ෂ ඇති ලොව එකම රට ශ්‍රි ලංකාව විම කනගාටුදායක බවද රාජපක්ෂ මහතා සදහන් කරයි. ඒ පිලිබදව කරුණු දක්වන අග්‍රාමාත්‍යවරයා

එක්සත් ජාතික පක්ෂය පවසන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට කිසිදු ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් නැත. නමුත් එවැන්නක් සිදුවිය හැකිදැයි රාජපක්ෂ මහතා ප්‍රශ්ණ කරයි. එවැනි සිමා කිරිමක් ඇත්නම් එය පාර්ලිමේන්තු සම්ප්‍රදායට සම්පුර්ණයෙන් විරුද්ධය. පාර්ලිමේන්තුවේ බහුතර මතයට වඩා ජනතා මතය වෙනස් යැයි රාජ්‍ය නායකයාට හැගේනම් අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවිමේ හැකියාව තිබේ. ඒ බවට උදාහරණ ලොව ප්‍රජාතන්ත්‍රවාදි රටවලින් දැක ගත හැකි බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වාදෙයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *