මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් අවසන් අදියරේ

Share Button

මාතර හා බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගයේ ඉදිකිරිම් කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතී. ලබන වසරේ එම මාර්ගය විවෘත කිරීමට නියමිතයි. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ පළමු අදියර ලෙස එම කොටස ජනතා අයිතියට පවරන බව ප්‍රවාහන අමාත්‍යංශය කියයි. මාතර-බෙලිඅත්ත දුම්රිය මාර්ගය ඉදිකිරීම සදහා වැය කෙරුනු මුදල ඇමරිකානු ඩොලර් විසිහත් කෝටි අසු දෙලක්ෂයකි.

චීන එක්සිම් බැංකුව මුල්‍ය ප්‍රතිපාදන සැපයීය. එම මාර්ගයේ කැකණදුර . බඹරැන්ද . වැව්රුකන්නල . බෙලිඅත්ත යන ප්‍රදේශවල ප්‍රධාන දුම්රිය ස්ථාන ඉදිකර තිබෙ. පිලදූව හා වෙහෙරහේන ප්‍රදේශවල උපදුම්රිය ස්ථාන ස්ථාපිත කර ඇත. මාතර හා කැකණදුර අතර කිලෝමීටරයක් දුර ගුවන් පාලමක් ඉදිකර තිබෙ.

මෙරට ඉදිවු දීර්ඝතම දුම්රිය මාර්ග බිම්ගෙය වන නාකුට්ටිගම බිම්ගෙය පිහිටා ඇත්තේ ද මෙම මාර්ගයේයි. එය දිගින් මීටර් 615 කි. නිල්වලා ගග හරහා පිළිවෙලින් මිීටර් 434 දිගින් හා මීටර් 1037 ක් දිග පාලම් 2 ක් ඉදිකර තිබේ. මෙම දුම්රිය මාර්ගය ඉදිකිරිමේ දී පවුල් 350 කට අයත් ඉඩම් හෙක්ටයාර් 87 ක් පවරා ගනු ලැබිය. ඒ සදහා ගෙවා ඇති වන්දි මුදල රුපියල් කෝටි 90 කි.

මාතර-කතරගම දුම්රිය මාර්ගයේ දෙවන අදියර ලෙස බෙලිඅත්තේ සිට හම්බන්තොට දක්වා ද . තුන්වන අදියර ලෙස හම්බන්තෙට සිට කතරගම දක්වා මාර්ගය ඉදිකිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *