ශ්‍රි ලංකාවේ විශාලතම පැණිදොඩම් කලාපය මොණරාගල බිබිලේ ස්ථාපිත කෙරේ

Share Button

ශ්‍රී ලංකාවේ විශාලතම පැණි දොඩම් වගා කලාපය මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල ප්‍රදේශයේ ස්ථාපිත කෙරේ. බිබිල කරාඩුගල විහාරස්ථානයේදි අද පෙරවරුවේ ඒ පිළිබඳ උත්සවය පැවැත්විණි . ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය.. අක්කර 2200 ක භුමි භාගයකින් යුත් මෙම වගා කලාපය තුළ බිබිලේ ස්විට්ස් නැමැති පැණි දොඩම් පැල 85 දහසක් වගා කෙරේ. පලමු වසර තුළ අපේක්ෂිත අස්වැන්න කිලෝග්‍රූම් එක්ලක්ෂ 50 දහසකි. සමස්ත අස්වැන්න මිලදී ගැනිම සදහා පෞද්ගලික අංශයේ ආයතන දැනටමත් ඉදිරිපත්වී සිටි. මෙම කලාපයේ වගා කෙරෙන සමස්ත පැණි දොඩම් අස්වැන්න අපනයනයට යොමු කරන්නැයි කෘෂිකර්ම ඇමතිවරයා පසු අස්වනු තාක්ෂණික ආයතනයට උපදෙස්දී තිබේ.
මීට දශක කිහිපයකට පෙර බිබිලේ ප්‍රදේශයේ පැණි දොඩම් සදහා ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. එහෙත්. පසුකාලීනව එම ප්‍රදේශයේ වගාකරුවෝ දොඩම් වගාවෙන් ඉවත්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *