ඉන්දියානු සහන ණය වැඩපිළිවෙල යටතේ ආනයනය කළ දුම්රිය ද්විත්ව බලවේග කට්ටලයක් හා ඩිසල් විදුලි එන්ජිමක් කොළඹ වරායට ළගාවෙයි

Share Button

ඉන්දියානු සහන ණය වැඩපිළිවෙල යටතේ ආනයනය කළ දුම්රිය ද්විත්ව බලවේග කට්ටලයක් හා ඩීසල් විදුලි එන්ජිමක් අද පෙරවරුවේ කොළඹ වරායට ගොඩබානු ලැබිය. නිමල් සිරිපාල ද සිල්වා . හා මහින්ද සමරසිංහ යන ඇමතිවරුද ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් සේන විතානගේ හා දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරුද එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම ද්විත්ව බලවේග කට්ටලයේ වටිනාකම රුපියල් කෝටි 180 කි . ඩිසල්ි විදුලි එන්ජිමේ වටිනාකම රුපියල් හත්කෝටි හැත්තෑඅට ලක්ෂයකි . මෙම ද්විත්ව බලවේග කට්ටලය මැදිරි නවයකින් සමන්විතයි. එම බලවේග කට්ටලය මගින් වැඩි පිරිසක් රැගෙන යා හැකි වන පරිදි දුරගමන් සේවා සදහා යෙදවිමට දුම්රිය දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. ඩිසල් විදුලි එන්ජිම ප්‍රධාන මාර්ගවල ධාවනයට එක් කෙරේ . ඉන්දියානු සහන ණය වැඩපිළිවෙල යටතේ ලබන වසරේ තවත් ද්විත්ව බලවේග කට්ටල 09 ක් හා ඩීසල් විදුලි එන්ජින් පහක් ආනයනය කර සේවයේ යොදවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය කියයි. ඒ සදහා වැය කරන මුදල රුපියල් කෝටි 1800 කි .

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *