ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු පාසල්වල ඇති කළ යුතු බව අධ්‍යාපන ඇමතිවරයා කියයි

Share Button

දරුවන් ඇතුළත් කළ යුතු හොදම පාසල ජාතික පාසල් පමණක් යැයි සිතන දෙමාපියන්ගේ ආකල්ප හේතුවෙන් පාසල්වලට දරුවන් ඇතුළත් කිරිමේ ගැටඵව උග්‍ර වී ඇතැයි අධ්‍යාපන ඇමති ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසය.ි පළාත් අධ්‍යාපන බලධාරින්ගේ මැදිහත්විමෙන් හා සහයෝගයෙන් ගුණාත්මක අධ්‍යාපන අවස්ථා රටේ සියලු පාසල්වල ඇති කළ යුතු බව ඇමතිවරයා පැවසුවේ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති විශේෂ හමුවකදිය දේශපාලන ඉලක්ක පදනම්ව තමා කිසිසේත්ම දරුවන්ගේ අනාගතය පිළිබඳව තීන්දු තීරණ නොගන්නා බව ඇමතිවරයා අවධාරණය කළේය. තරගකාරි අධ්‍යාපන රටාවකට හුරු වී සිටින වත්මන් සමාජය තුළ බහුලව සිටින්නේ මානසික ආතතිය රෝගයක් දක්වා වර්ධනය වු දරුවන් බව පැවසු ඇමතිවරයා එයට දෙමාපියන් මෙන්ම ගුරුවරුන් ද වගකිව යුතු බව සදහන් කළේය. රජය නිදහස් අධ්‍යාපනය ලබාදෙද්දි දරුවන් අමතර පන්ති වලට යවන විශ්ව විද්‍යාලවලට ඇතුල් වන නවක දරුවන් සාදරයෙන් පිළිගැනිම වෙනුවට ඔවුන්ට නවකවදය දෙන පසුබිමක් තුළ ශ්‍රි ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය යහපත් අතට හැරෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය. එම තත්ත්වය අනිවාර්යයෙන්ම වෙනස් විය යුතු බව අධ්‍යාපන ඇමතිවරයා අවධාරණය කළේය
පළාත් ආණ්ඩුකාරවරු . ප්‍රධාන ඇමතිවරු. අධ්‍යාපන බලධාරිහු ඇතුඵ පිරිසක් එම හමුවට එක්ව සිටියහ . ඒ ඒ පළාත් වලට අදාලව අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටඵ් පිළිබඳව ඔව්හු එහිදි ඇමතිවරයා දැනුවත් කළහ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11