රනිල් වික්‍රමසිංහට යලිත් අගමැතිධූරය ලබා නොදෙන බව ජනාධිපතිතුමා යලි තහවුරු කලා – මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

Share Button

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු අතර ඊයේ පැවති සාකච්ඡාද අසාර්ථක වූ බව ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා පවසයි. පාර්ලිමේන්තුවේ දෙසිය විසි පස් දෙනාගේම කැමැත්ත රැගෙන පැමිණියද රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිධූරය ලබා නොදෙන බව ජනාධිපතිතුමා එම රැස්වීමේදී යලි තහවුරු කර ඇත.

ඊයේ රාත්‍රියේ ජනාධිපතිතුමා සමග පැවති හමුවට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයෝ රැසක් සහභාගී වූහ. ජනාධිපති කාර්යාලයේදී හමුව පැවැත්විණ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *