ජාත්‍යන්තර තානාපති සම්මුති කඩකරමින් ඇතැම් තානාපතිවරුන් ක්‍රියාකළ ආකාරය අනුමත නොකරන බව යුක්තියට හඩක් සංවිධානය කියයි.

Share Button

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනි සිටින්නේ යැයි පැවසු එක්සත් ජාතික පක්ෂය වර්තමානයේදී ජාත්‍යන්තර මැදිහත්වීම් සමග භයානක ආගාධයකට රට ඇද දමා ඇතැයි යුක්තියට හඩක් සංවිධානයේ සාමාජික මාධ්‍යවේදි සුදර්මන් රදලියගොඩ මහතා පවසයි. මේ වනවිට රට තුළ ව්‍යාකුල තත්ත්වයක් දක්නට ලැබේ. අධිකරණ වාරණ නොතකා ඇතැමුන් ආයතනවලට බලහත්කාරයෙන් ඇතුඵවීමට උත්සාහ දරන බව ඔහු අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
ඇතැම් තානාපතිවරුන් ජාත්‍යන්තර සම්මුතින්ට එරෙහිව ඉකුත් දින කිහිපයේ ක්‍රියාකළ ආකාරය කිසිසේත් අනුමත නොකරන බව එම සංවිධානයේ ලේකම් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතා කීවේය. කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ඔහු පෙන්වා දෙයි.
පවතින අස්ථාවරත්වය රටේ තරුණ ප්‍රජාවට ද දැඩි ලෙස බලපාන බව යුක්තියට හඩක් සංවිධානයේ කැදවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා පවසයි. එබැවින් ඒ සදහා මැදිහත්වීමට තරුණ ප්‍රජාවට අයතියක් ඇතැයි ඔහු පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *