වත්මන් දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව සතියක් ඇතුලත විසදන බව ජනාධිපතිතුමා කියා සිටි

Share Button

වර්තමානයේ පවතින දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව සතියක් ඇතුලත සම්පුර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි. අද කොළඹ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය අමතමින් එතුමා මේ බව කීවේය. රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් කිසිසේත් අගමැති වශයෙන් පත් නොකරන බවද එතුමා අවධාරණය කළේය. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 225 දෙනාම එකගතාව පළ කළත් එය සිදුනොවේ.
වික්‍රමසිංහ මහතා රටට නොගැලපෙන දේශපාලනඥයෙක් ලෙස පෙන්වාදුන් ජනාධිපතිතුමා ඔහුගේ දර්ශනය රටට නොගැලපෙන බවද කීවේය. දේශියත්වය. සිරිත් විරිත්. සංස්කෘතික හැගීම් කිසිවක් ඔහු තුළ නොමැත. ඔහු එක්සත් ජාතික පක්ෂය ද විනාශ කළ බව ජනාධිපතිතුමා සදහන් කළේය. ඔහු තම පුටුව රැක ගැනීම සදහා විදේශ තානාපති කාර්යාලවල සහාය ලබා ගනිමින් ද රටට විශාල හානියක් සිදු කළේය. තමා ගත් තීන්දු ඊයේ අද මෙන්ම හෙටට ද නිවැරදි බව එතුමා අවධාරණය කරයි. රට තුළ දේශපාලන ගැටුමක් නොමැත. දේශපාලන අර්බුදයක් තිබේ. ඒ තුළින් නොසන්සුන්තාවයක් හටගෙන ඇත. රටට ගැලපෙන දේශපාලන ගමනක් යා යුතුය. රනිල් වික්‍රමසිංහ මහතා රට විනාශ කළ අතරම ජනතාව ද මුලා කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොඩි මිනිසා වෙනුවෙන්ම පෙනි සිටින පක්ෂයක් බව එතුමා එතුමා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *