සුනිල් සාන්ත 103 වන ජන්ම දින සැමරුම

Share Button

සුනිල් සාන්ත 103 වන ජන්ම දින සැමරුම් උත්සවය ආපදා කලමනාකරණ අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී ඊයේ පස්වරුවේ පැවැතවිණි. නිදහස ලැබීමට පෙර සිටම දේශිය සංගීත සම්ප්‍රදායක් බිහිකිරීමට උත්සාහ දරා නිදහස ලැබීමෙන් පසු එම සම්ප්‍රදාය ඉදිරියට ගෙනයමින් සුනිල් සාන්තයන් අපට දායාද කළ කලා නිර්මාණවල වටිනාකම වසරින් වසර වැඩිවන බව සමරු දේශනය පැවැත්වු ප්‍රවීන කලා විචාරක ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා සදහන් කළේය.

සිංහල සංගීතය පිළිබඳ සංකල්ප රාමු සහ සුනිල් සාන්ත යන්න දේශනයේ තේමාව විය. සංගීතඥ නදීක ගුරුගේ මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ රවින්ද්‍රනාත් තාගෝර්තුමාගේ සංගීතයේ ආභාෂය ඇතිව කුමාරතුංග මුණිදාසයන්ගේ භාෂා රටා ප්‍රගුණ කරමින් සුනිල් සාන්තයන් කළ නිර්මාණ තවමත් අමරණිය බවයි. සමරු උළෙල සංවිධාන කළ සුනිල් සාන්ත සමාජයේ සභාපති ලංකා සාන්ත මහතා ද සමාජයේ ලේකම් විජිත් කුමාර් සේනාරත්න මහතාද මෙහිදී අදහස් දැක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *