දේශපාලන අර්බුදය සතියක් තුල අවසන් – ජනපති

Share Button

රට තුළ පවතින දේශපාලන අර්බුදය සහ නොසන්සුන්තාව සතියක් ඇතුලත සම්පුර්ණයෙන්ම අවසන් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. කොළඹ ඊයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනය අමතමින් ජනාධිපතිතුමා සඳහන් කලේ මෙම අර්බුදය නිර්මාණය කලේ තමා නොවන බවයි.

මෙම අදූරදර්ශී වැඩපිළිවෙල නිමාකර රට ගොඩනැංවීමේ පුණ්‍යකර්මයට දායක වන ලෙස තමා සියඵ දේශපාලන පක්ෂවලට සහ නායකයන් වෙත සාමයේ දෑත දිගු කරන බව ජනාධිපතිතුමා එහිදි කියා සිටියේය.තීරණය රට වෙනුවෙන් යන්න කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේ පැවති මෙම විශේෂ සම්මේලනයේ තේමාව විය.

පක්ෂයේ ක්‍රියාකාරීහු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා සඳහන් කලේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අන්ත ලිබරල්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කලා පමණක් නොව යහපාලන සංකල්පය ද අමු අමුවේ ඝාතනය කර දැමූ බවයි. එම ප්‍රතිපත්ති හමුවේ ප්‍රබුද්ධ දේශපාලන පක්ෂයක් වු එක්සත් ජාතික පක්ෂයට පමණක් නොව තමාට ද අනිටු විපාකවලට මුහුණදිමට සිදුවු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සැමදා විශ්වාසය තමා ඇත්තේ රටේ ජනතාව පිළිබඳවය. අන්ත ලිබරල්වාදී දේශපාලන වැඩපිළිවෙල පරාජය කළහැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය යැයි ජනාධිපතිතුමා එහිදි අවධාරණය කළේය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නිල පුවත් වෙබ් අඩවිය අන්තර් ජාලයට මුදාහැරීම ද මෙහිදි ජනාධිපතිතුමා අතින් සිදුකෙරිණ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීරණය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව එම පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඵෙතිහාසික කාර්යභාරයක් ඉටුකිරීමට බිහිවු පක්‍ෂයකි. ඉදිරියේදිද රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පක්‍ෂය කැපවන බව ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත සමුඵව අමතමින් සදහන් කළේය.

සමුඵව ඇමතු පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සදහන් කලේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සෑම විටම රට වෙනුවෙන් උපක්‍රමශීලීව තීරණ ගත් බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *