දිස්ත්‍රික්ක හතක මහ පරිමාන කෘෂිකර්ම ව්‍යාපෘති 20 ක්

Share Button

මහා පරිමානයෙන් කෘෂිකාර්මික ව්‍යාපෘති 20 ක් දිස්ත්‍රික්ක හතක මේ වනවිට සාර්ථකව ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් හා කෘෂිකර්ම නව්‍යකරණ ව්‍යාපෘතියේ උපදේශක ආචාර්ය රොහාන් විජේකෝන් මහතා පවසයි. වෙළෙඳපොල ඉලක්ක කර ඵලදායිතාව ඉහල නැංවීම එහි අරමුණයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති සංවාද මණ්ඩපය අද පෙරවරුවේ එක්වෙමින් ඔහු එම කරුණු සදහන් කළේය. ඒ යටතේ මඩකලපුව වාකරේ ප්‍රදේශයේ අක්කර 50 ක පිපිඤ්ඤා වගාවක් සිදුකර තිබේ. අක්කර 500 ක අන්නාසි වගා ව්‍යාපෘති දෙකක් මොණරාගල ප්‍රදේශයේ දැන් ක්‍රියාත්මකයි.
වර්තමානයේ පාසල් ශිෂ්‍ය-ශිෂ්‍යාවන් හා තරුණ-තරුණියන් රැසකට බෝ නොවන රෝග වැළඳීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බව සංවාදයට එක්වු ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය. ඒ සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව හෙට සිට එලඹෙන 09 වැනිදා දක්වා කොළඹ 07 ග්‍රින්පාර්ත් හිදී පැවැත්වෙන ජාතික ආහාර සැණකෙලියේදී ජනතාව දැනුවත් කෙරෙන බව ඔහු සදහන් කළේය. කෙෘෂිකාර්මික නවීකරණ ප්‍රදර්ශනය එලඹෙන 11 වැනිදා සිට 16 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *