පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට්ටුවට ඇති අතුරු තහනම දිනකින් දිගු කෙරේ

Share Button

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය අද තවත් දිනකින් දිර්ග කළේය. ඒ අනුව හෙට දක්වා ක්‍රියාත්මක වු අතුරුතහනම 8 වැනිදා දක්වා දිර්ග කර ඇත.

ඒ පිළිබඳව ඉදිරිපත් වු පෙත්සම් විභාගය තවත් දිනකින් දිර්ග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා මෙසේ අතුරු තහනම දිර්ග කරනු ලැබීය. ඒ අනුව පෙත්සම් විභාගය හෙටත් පැවැත්වේ.

මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් අද 3 වන දිනටත් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණි. අතරමැදි පාර්ශවකරුවන්ගේ කරුණු දැක්වීම අද සිදුකෙරුණි.

පෙත්සම් විභාගය පෙරේදා ආරම්භ කරමින් මුලින්ම පෙත්සම්කරුවන්ගෙ කරුණු දැක්වීම සිදුවු අතර ඊයේ දිනයේදී නිතිපතිවරයා සිය කරුණු දැක්වීම සිදුකළේය. අතරමැදි පෙත්සම්කරුවෙකු වන උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම් සියල්ල නිශ්ප්‍රභ කරන ලෙසයි. පෙත්සම්වලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත්වී ඇති බවද ඔහු කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *