සේනා දළඹු හානිය දිවයිනපුරා පැතිර යයි. අවධානයෙන් පසුවන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවවාද කරයි

Share Button

මෑතකදී ශ්‍රී ලංකාවෙන් වාර්තාවු දළඹු හානිය මේ වනවිට දිවයිනපුරා පැතිර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මුලින් බඩඉරිගු වගාවටත් පසුව සෙසු බෝගවලටත් මෙම දළඹු හානිය වාර්තාවී තිබේ. මේ පිළිබඳව සමස්ත ගොවි ප්‍රජාව අවධානය යොමු කළ යුතුව ඇතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. එම්. ඩබ්ලිව්. වීරකෝන් මහතා පවසයි. මුලින් මෙම දළඹුවා ඇමෙරිකාවෙන් වාර්තාවු අතර ඉන් අනතුරුව අප්‍රිකානු රටවලටත්. මෑතකදී ඉන්දියාවටත් ව්‍යාප්තවී තිබේ. සේනා නැමති දළඹුවා ඇති කරන පිලවා එක් රාත්‍රියකදී කිලෝමිටර් 100 ක් දුර ගමන් කිරීමට සමත් වෙයි. මේ හේතුවෙන් දළඹු හානිය දිවයිනපුරා ව්‍යාප්තවී තිබේ. කෘෂිකර්ම අමාතයංශය මේ පිළිබඳව දැඩි අවධානය යොමුකර සෑම පළාතකම ක්‍ෂේත්‍ර වැඩසටහන් ක්‍රියාවට නංවා ඇත. සියයට 50 ක සහනාධාරයක් යටතේ කෘමි නාශක ලබාදෙන අතර මර්දනයට අවශ්‍ය උපදෙස් ක්‍ෂේත්‍ර නිලධාරින් මගින් ලබා දෙයි. වැඩි විස්තර ලගම ඇති කෘෂි නිලධාරින්ගෙන් හෝ කෘෂි කාර්යාලවලින් ලබාගත හැකිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *