දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට තර්ජනය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා කියයි.

Share Button

දේශපාලන අරමුණු වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට තර්ජනය කිරීම සාධාරණ නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා පවසයි. මේ මස 30 වැනිදා තෙක් ගැටඵවකින් තොරව රාජ්‍ය සේවය සදහා වැටුප් ගෙවිය හැක. එමෙන්ම දේශිය. විදේශීය ණය ගෙවීමටත් ජනතාවට අනෙකුත් සහන ලබාදීමටත් හැකියාව ඇති බව ඔහු කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙම අවස්ථාවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවේ බලය වැඩිකිරීමට ගොස් එය අඩුවී ඇති බවයි. විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීමට ගොස් එහි බලතල වැඩිවී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. අද දක්නට ලැබෙන්නේ එහි ප්‍රතිඵලයන්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කොටස් වශයෙන් සිදුකරන සංශෝධන නතර කොට සම්පුර්ණයෙන් සංශෝධනයට ලක් කළයුතු බව ඔහු කියා සිටී.

රාජ්‍ය සේවකයන් බිය ගන්වා රාජ්‍ය යාන්ත්‍රණය බිඳ දැමිම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණ වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා කීවේය. රාජ්‍ය සේවක ගෞරවය ආරක්‍ෂා වනපරිදි නීතිරිති සකස් කරන බවද ඔහු සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *