පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට ඇති අතුරු තහනම හෙට දිනය දක්වා කල්යයි. – පෙත්සම් විභාගය අදත්.
පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් සහ මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තවත් දිනකින් දිර්ග කළේය. ඒ අනුව අද දක්වා ක්‍රියාත්මක වු අතුරුතහනම හෙට දක්වා දිර්ග කර ඇත. ඒ පිළිබඳව ඉදිරිපත් වු පෙත්සම් විභාගය තවත් දිනකින් දිර්ග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා මෙසේ අතුරු තහනම දිර්ග කරනු ලැබීය. ඒ අනුව පෙත්සම් විභාගය අදත් පැවැත්වේ.
මේ අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් ඊයේ 3 වන දිනටත් අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනුණි. අතරමැදි පාර්ශවකරුවන්ගේ කරුණු දැක්වීම එහිදී සිදුකෙරුණි. පෙත්සම් විභාගය ආරම්භ කරමින් මුලින්ම පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම ඉකුත් අගහරුවාදා සිදුවු අතර පෙරේදා නිතිපතිවරයා සිය කරුණු දැක්වීම සිදුකළේය. අතරමැදි පෙත්සම්කරුවෙකු වන උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම් සියල්ල නිශ්ප්‍රභ කරන ලෙසයි. පෙත්සම්වලින් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත්වී ඇති බවද ඔහු කීවේය.