පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක්

Share Button

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් සිය රාජකාරි හැඳුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාව හෙලි කිරීමෙන් පසු වෙලෙදපොල වැටලීම් සහ විමර්ශන සිදු කරන බව එම අධිකාරිය පවසයි.

විමර්ශන කටයුතුවලින් පසුව ඊට අදාලව අධිකාරියේ නිලධාරීන් දුරකතන අංක සහ ලිපිනය සහිත ලිඛිත සටහනක් ද වෙලෙදුන්ට ලබා දෙයි.

පසුගිය දිනවල ප්‍රදේශ කිහිපයක වෙලෙඳසල්වලට එම අධිකාරියේ නිලධාරීන් යැයි පවසා පැමිණි පුද්ගලයින් පිරිසක් වෙලෙදසල් පරීක්ෂා කර වෙලෙදුන්ගෙන් මුදල් ඉල්ලා ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

වෙලෙදුන් රවටා වෙලෙදසල් පරික්ෂා කිරීම්වල නිරත වන එවැනි සැක කටයුතු පුද්ගලයින් පිළිබඳ තොරතුරක් වෙතොත් දුරකතන අංක 077-108-89-22 සහ 077-108-89-21 මගින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.


Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-02 | 14:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,643
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 809
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 84
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 823
මරණ සංඛ්‍යාව - 11