ශිෂ්‍යාට සහ ගුරුවරියට ඇප නියම කෙරේ

Share Button

බලංගොඩ ප්‍රදේශයේදි ජංගම දුරකතනයක් භාවිත කරමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පිළිතුරු සැපයිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුවාට සහ ඊට සහාය දුන් ගුරුවරියට ඇප නියම කෙරේ. බලංගොඩ මහේස්ත්‍රාත් දුමින්ද මුදුන්කොටුව මහතා වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත ඔවුන් නිදහස් කරන ලෙස නියෝග කෙරිණි. පෙබරවාරි මස 07 වැනි දින නඩුව යළි කැඳවේ. බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයදුම්කරුවෙකු වෙනත් පාසලක විභාග රාජකාරිවල නිරතව සිටි ගුරුවරියක සමග කෙටි පණිවිඩ හුවමාරු කර ගනිමින් ඊයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *