අල්ලස් නඩුවක බොරු සාක්ෂි දුන් පොලිස් සැරයන්වරියකට බරපතල වැඩ සහිත සිරදඩුවම්

Share Button

අල්ලස් නඩුවක විත්තිකරුට පක්ෂව බොරු සාක්ෂි දිමේ චෝදනාවට වරදකාරිය වු මාවනැල්ල පොලිසියේ පොලිස් සැරයන්වරියකට වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් කොළඹ මහාධිකරණය නියෝග කලේය. රථවාහන වරදක් කල පුද්ගලයෙකුට අධිකරණය හමුවේ නඩු නොපවරා දඩ කොලයක් නිකුත් කිරිමට රුපියල් 2500 ක අල්ලසක් ඉල්ලා ලබාගැනිමේ චෝදනාව මත මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණි.

එම නඩු විභාගයේදි රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් සාක්ෂි දුන් අදාල පොලිස් සැරයන්වරිය සිද්ධිය වු අවස්ථාවේ තමා ද එම ස්ථානයේ සිටි බවත්. අල්ලස් කොමිසමේ නිලධාරින් කසල බදුනක තිබි මුදල් ගන්නා ආකාරය තමා දුටු බවත්. පවසා තිබුණි. ඇයට නියම කල දඩුවම් කාලය වසරක් තුල ගෙවි යන පරිදි ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *