පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට එරෙහි පෙත්සම් සම්බන්ධයෙන් ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් දුන් අතුරු තහනම් නියෝගය දිර්ඝ කෙරේ

Share Button

ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගය අවසන් කල ශ්‍රේෂ්ඨාධිකරණය එහි තින්දුව ලබාදෙන තෙක් ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් ලබාදුන් අතුරු තහනම් නියෝගය දිර්ඝ කලේය. තින්දුව සදහා දින නියම කිරිමක් සිදුනොවිය.

එහෙත් කඩිනමින් තින්දුව ලබාදිමට නියමිතය. අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ 4 වැනිදා සිට ඊයේ දින දක්වා පෙත්සම් විභාග කිරිම සිදුකෙරිණි. ඊයේ පෙත්සම්කරුවන් වෙනුවෙන් ප්‍රතිඋත්තර ප්‍රකාශ කිරිම ද සිදුවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *